රැල්ලෙන් ගසා ආ කොටයක් මුහුණේ වැදී තරුණයෙකු මරුට

පානදුර මුහුදේ ගිනිකූරු කොටයක් සමග සෙල්ලම් කරම්න් විනෝදයට දිය නාමින් සිටි පුද්ගලයකු ලී කොටයක ගැටී මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අවාසනාවන්ත සිද්ධිය අද (03) දහවල් සිදු ව ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ ඉංගිරිය , ඉංගිරිය වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී හෙවන හැන්නැදිගේ අශාන් දේවින්ද නමැති 27 හැවිරිදි තරුණයෙක්.

ඔහු සිය මිතුරෙකු සමග පානදුර වෙරළට පැමිණ මුහුදු වෙරළේ දියනාමින් සිට ගිනිකූරු කොටයක් සමග සෙල්ලම් කරමින් සිටියදීයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

රළ පහරට වේගයෙන් ගසාගෙන ගිය කොටය ජීවිතක්ෂයට පත් වූ තරුණයාගේ මුහුණේ ගැටී ඇති අතර ඉන් ඔහු දියේ දී ම සිහිමුර්ජාවට පත් ව මරණයට පත් ව ඇති බවයි පොලිස් පරීක්ෂණවල දී හෙළි ව තිබෙනවා.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15