රැඳවුම් භාරයේ සිටින්නෙකුගේ සන්නිවේදන ජාලයක පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සිටින බවට අනාවරණයක්

රැඳවුම්භාරයේ සිටින ෆසාල් මොහොමඩ් නිසාර් විසින් පවත්වාගෙන ගිය සන්නිවේදන ජාලයක පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සිටින බවට කරුණු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල්ට දැනුම් දුන්නා.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව අදාල සන්නිවේදන ජාලය සිදුකර ගෙන ගොස් ඇති අතර පුද්ගලයන් 494 දෙනෙකුගෙන් යුත් එකී සන්නිවේදන ජාලයේ මුස්ලිම් දේශපාලනඥයෙකුද සිටින බවයි.

ඔවුන්ගේ අනන්‍යතාවය හෙලි නොකර අදාල සන්නිවේදන ජාලය සකස් කර ඇති බැවින් විමර්ශණ සිදුකිරීමේදි දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කර තිබෙනවා.  

ෆසාල් මොහොමඩ් නිසාර් ආගමික හා ජාතික සමගියට බාධා වන පරිදි වෛරීසහගත ප්‍රකාශ  හා භික්ෂුන් වහන්සේලාට අපහාස වන ප්‍රකාශ මුහුණු පොත ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීමේ චෝදනාව මත රැඳවුම්භාරයට ගෙන තිබුණා.

ඔහුගේ දුරකථන හා පරිඝණක විමර්ශණ කිරීමේදි ජංගම දුරකථනයෙන් තොරතුරු ලබා ගැනීම නොහැකිවන පරිදි දුරකථන ජාලයද අවහිර කර ඇති බවද අනාවරණ වී තිබෙනවා. මෙම නඩුව ලබන 25 වනදා යළි කැදවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09