රැකියා සොයා ඕමානයට නො යන්න – ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

සංචාරක වීසා මගින් තම රටට ඇතුළු වී එම වීසා බලපත්‍රය රැකියා වීසා බවට පරිවර්තනය කර ගැනීම අත්හිටුවීමට ඕමාන රාජකීය පොලීසිය තීරණය කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ඒ අනුව ඔක්තෝබර් මස 31 වැනිදා සිට සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වන කිසිවෙකුට රැකියා වීසා ලබා නොදීමට‍යි එරට රාජකීය පොලීසිය තීරණය කර ඇත්තේ.

සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වූ බොහෝ දෙනෙකු පසුගිය කාලයේ රැකියා වීසා ඉල්ලුම් කර තිබෙනවා.

එම අවස්ථාවේදී අදාළ ඉල්ලුම්කරු තම තානාපති කාර්යාලයට අයදුම්පත යොමු කළ විට ලැබෙන ”විරෝධතාවයක් නොමැත” යන ලිපිය ඉදිරිපත් කිරීමෙන් පසුව රැකියා වීසා ලබා ගැනීමට හැකියාව ලැබී
ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඔවුන්ට එරටින් පිට වී නැවත ඕමානයට ඇතුළු වී රැකියා කිරීමට අවස්ථාව ද ලබා දී තිබෙනවා.

නමුත් ලබන 31 වැනිදා සිට සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වන කිසිවෙකුට රැකියා වීසා ලබා ගැනීමට නොහැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කර සිටිනවා.

සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු එරට රැකියා නොමැති ව විවිධ ගැටළුවලට මුහුණ දී ඇති බවට පසුගිය කාලයේ වාර්තා වුණා.

මෙම තත්ත්වය අනුව සංචාරක වීසා මගින් රැකියා සොයා ඕමානයට ඇතුළු වීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලා සිටින බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් නිවේදනය කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41
Video thumbnail
බොරු කියන මිනිස්සුන්ට රැවටෙන්න එපා - ඇමති සමන්ත ජනතාවගෙන් ඉල්ලයි
14:53
Video thumbnail
මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන මේ අයට එක පෑන් පාරෙන් වැඩේ දෙන්න බැරිද - DASATHA SEARCH LIGHT
12:34
Video thumbnail
අලුත් තාක්ෂණයෙන් පෙරාපු කසිප්පු අල්ලපු මෙහෙයුම
03:36

?