රැකියා සොයා ඕමානයට නො යන්න – ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

සංචාරක වීසා මගින් තම රටට ඇතුළු වී එම වීසා බලපත්‍රය රැකියා වීසා බවට පරිවර්තනය කර ගැනීම අත්හිටුවීමට ඕමාන රාජකීය පොලීසිය තීරණය කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ඒ අනුව ඔක්තෝබර් මස 31 වැනිදා සිට සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වන කිසිවෙකුට රැකියා වීසා ලබා නොදීමට‍යි එරට රාජකීය පොලීසිය තීරණය කර ඇත්තේ.

සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වූ බොහෝ දෙනෙකු පසුගිය කාලයේ රැකියා වීසා ඉල්ලුම් කර තිබෙනවා.

එම අවස්ථාවේදී අදාළ ඉල්ලුම්කරු තම තානාපති කාර්යාලයට අයදුම්පත යොමු කළ විට ලැබෙන ”විරෝධතාවයක් නොමැත” යන ලිපිය ඉදිරිපත් කිරීමෙන් පසුව රැකියා වීසා ලබා ගැනීමට හැකියාව ලැබී
ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඔවුන්ට එරටින් පිට වී නැවත ඕමානයට ඇතුළු වී රැකියා කිරීමට අවස්ථාව ද ලබා දී තිබෙනවා.

නමුත් ලබන 31 වැනිදා සිට සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වන කිසිවෙකුට රැකියා වීසා ලබා ගැනීමට නොහැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කර සිටිනවා.

සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු එරට රැකියා නොමැති ව විවිධ ගැටළුවලට මුහුණ දී ඇති බවට පසුගිය කාලයේ වාර්තා වුණා.

මෙම තත්ත්වය අනුව සංචාරක වීසා මගින් රැකියා සොයා ඕමානයට ඇතුළු වීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලා සිටින බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් නිවේදනය කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23