Empty Ad
AFC Banner
Empty Ad

රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය ගැන කැබිනට්ටුවෙන් විශේෂ නිලධාරී කමිටුවක්

රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිත ව අත්‍යවශ්‍යයෙන් ම සිදු කළ යුතු බඳවා ගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කිරීම පිණිස 2024 වර්ෂයේ දෙසැම්බර් 30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබෙනවා.

ඊයේ (10) පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේ දී මෙම තීරණය ගනු ලැබූ බවයි අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

එම කමිටුව වෙත ඒ ඒ අමාත්‍යාංශය විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන, කමිටුව විසින් නිර්දේශ කරන ලද පහත සඳහන් බඳවා ගැනීම් සිදු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබාදීම පිණිස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?