AFC Banner
AFC Banner
Empty Ad

රාජ්‍ය සේවයට පුරප්පාඩු 2003ක් බඳවා ගැනීමට කැබිනට්ටුවේ අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවාගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ

රාජ්‍ය සේවයේ බඳවාගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුවේ දෙවන වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.

එම වාර්තාව මගින් අමාත්‍යාංශ 11ක් යටතේ පවතින ආයතනවල සහ පළාත් සභා 05ක පවතින පුරප්පාඩු 4,987ක් අතුරින් පුරප්පාඩු 2,003ක් සඳහා බඳවාගැනීම් සිදු කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

ඒ අනුව, එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?