රාජ්‍ය සේවකයන් තවත් සහනයක් ඉල්ලයි

රටේ පවතින ආර්ථික අර්බුද නිමාවන තුරු රාජ්‍ය සේවකයින් ප්‍රමාද වී පැමිණිම් සඳහා සහනයක් හෝ පෙර පැවති අත්සන් ලේඛන භාවිතයට ගන්නා ලෙස රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනය ඉල්ලීමක් කරනවා.

විදුලි සහ ඉන්ධන අර්බුද හමුවේ ඇතිවන මාර්ග තදබද හේතුවෙන් ගමනාගමනයේ ඇතිවන දුෂ්කරතා හේතුවෙන් නියමිත වේලාවට රාජකාරි වාර්තාකිරීම ගැටලුවක් වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

එම නිසා ඇගිලි සලකුණු යන්ත්‍රය භාවිතයට ගැනීමේදී ප්‍රමාදවී පැමිණීම් සදහා සහනයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?