තිස්ස විහාරය අසළ උණුසුම් තත්ත්වයක් – පිරිසක් අත්අඩංගුවට (ඡායාරූප)

කන්කසන්තුරය – තිස්ස විහාරය ඉදිරිපත් අද (21) පෙරවරුවේ නොසන්සුතාවක් හටගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් හැසුරුණු පුද්ගලයින් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අද (21) පෙරවරුවේ තිස්ස විහාරය ඉදිරිපිට පිරිසක් විරෝධතාවයක නිරතවන බවට පොලිසියට තොරතුරු ලැබී තිබූ අතර, එහිදි පුද්ගලයින් 29 දෙනෙකුට එරෙහිව අදාළ ස්ථානයේ විරෝධතා පැවැත්වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ද පොලිසිය විසින් ලබාගෙන තිබුණා.

කෙසේ වෙතත් අදාළ අධිකරණ නියෝග නොතකා පිරිසක් බලහත්කාරයෙන් විහාරස්ථාන භූමියට ඇතුළුවීමට උත්සහ කළ බවත්, එහිදි පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළා.

සිද්ධියට සම්බන්ධ විරෝධතාකරුවන් පැවසුවේ විහාරස්ථාන සීමාවේ පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කරන ලෙසට ඉල්ලා අද (21) මෙම විරෝධතාවට පැවැත් වූ බවයි.

එහිදි පොලිස් නිලධාරීන් විසින් විරෝධතාකරුවන්ට විහාරස්ථාන ගේට්ටුව තුළින් විහාරස්ථානයට ඇතුළුවීමට අවස්ථාවක් නොදුන් බැවින් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගත් බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගත් පිරිස යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14