සොබාදහම තේමා කරගත් ඉන්දියාවේ පළමු ගුවන් තොටුපළ විවෘත කෙරේ

ගුවහාති හි ලෝකප්‍රිය ගෝපිනාත් බර්ඩොලෝයි ජාත්‍යන්තර ගුවන් තොටුපළ නව පර්යන්ත ගොඩනැගිල්ල අගමැති නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කරනු ලැබුවා.

එය ඊසානදිග සඳහා ප්‍රධාන යටිතල පහසුකම් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතරම රටේ පළමු සොබාදහම තේමා කරගත් ගුවන් තොටුපළයි.

වසරකට මගීන් මිලියන 13.1 ක් හැසිරවීමට නිර්මාණය කර ඇති මෙම ව්‍යාපෘතිය නඩත්තු කිරීම, අලුත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණ පහසුකම් සඳහා විශේෂයෙන් වෙන් කර ඇති රුපියල් කෝටි 1,000 ක් ඇතුළුව රුපියල් කෝටි 5,000 ක වියදමින් ඉදිකර තිබෙනවා.

සංවර්ධනයේ අරමුණ ගුවහාති ඊසානදිග සඳහා ප්‍රධාන ගුවන් සේවා මධ්‍යස්ථානයක් සහ අග්නිදිග ආසියාවට ප්‍රධාන දොරටුවක් ලෙස ස්ථානගත කිරීම බව නිලධාරීන් පැවසූවා.

මෙම ව්‍යාපෘතිය ගුවහාටි ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමාගම විසින් සංවර්ධනය කර ඇති අතර, එහි මෙහෙයුම් අදානි ගුවන් තොටුපළ හෝල්ඩින්ග්ස් ලිමිටඩ් විසින් මෙහෙයවනු ලබනවා.

පැරණි පර්යන්තයේ සිට නව පර්යන්තයට මාරුවීම පෙබරවාරි මාසයේ ආරම්භ කිරීමට නියමිත අතර, දේශීය ගුවන් ගමන් මුලින් නව පහසුකමෙන් ක්‍රියාත්මක වනු ඇති.

මාර්තු අග වන විට ක්‍රියාවලිය අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්, ඉන් පසුව දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් දෙකම නව පර්යන්තය වෙත මාරු වීමට නියමිතයි.

පසුව පවතින පර්යන්තය භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කෙරෙනවා.

දේශීය සංස්කෘතිය තුළ මුල් බැසගත් නවීන ව්‍යුහයක් ලෙස සංකල්පනය කරන ලද මෙම පර්යන්තය වර්ග මීටර් ලක්ෂ 1.4 ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී තිබෙනවා.

ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද මෙම පර්යන්තය ඇසෑම්හි පොහොසත් ජෛව විවිධත්වයෙන් සහ සංස්කෘතික උරුමයෙන් ආභාෂය ලබා තිබෙනවා.

‘බම්බු ඕකිඩ්’ ලෙස නම් කර ඇති මෙම සැලසුම ඇසෑම්හි සංකේතාත්මක ‘කොපු ෆූල්’ හෝ ෆොක්ස්ටේල් ඕකිඩ් සහ ඇසෑම්හි බෝලුකා උණ බම්බු සහ අරුණචාල් ප්‍රදේශ්හි අපතානි උණ බම්බු ඇතුළු දේශීය උණ බම්බු වර්ග වලින් ආභාෂය ලැබූවක්.
අභ්‍යන්තර අලංකරණ කටයුතු සදහා දේශීයව ලබාගත් ඊසානදිග උණ බම්බු මෙට්‍රික් ටොන් 140 ක් පමණ යොදා ගෙන තිබෙනවා.

පර්යන්තය ඇසෑම්හි වනාන්තර පිළිබිඹු කරන සශ්‍රීක හරිත අවකාශයන් සහිතයි.

ෆොක්ස්ටේල් ඕකිඩ් වල මල් කළඹකට සමාන වන පිටවීමේ සහ පැමිණීමේ ප්‍රදේශ නිර්මාණය කර තිබෙනවා.

පැමිණෙන මගීන් ‘අහස් වනාන්තරයක්’ හරහා ගමන් කරනු ඇති අතර, එය දේශීය ශාක විශේෂ 100 කින් ශාක ලක්ෂයක් පමණ ඇති හරිත කලාපයක් වන අතර එය වනාන්තරයකට සමාන වාතාවරණයක් නිර්මාණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29