රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් තනතුරෙහි සේවය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඩබ්ලිව්. ප්‍රින්ස් සේනාධීර මහතා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත් කිරීමත් සමඟ එම තනතුර පුරප්පාඩු වී තිබෙනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංස්කෘතික ප්‍රවර්ධන) වශයෙන් දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි තිලක් නන්දන හෙට්ටිආරච්චි මහතා රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බවයි





