රාජ්‍ය බැංකුවකින් කෝටි දෙකකට අධික රන් භාණ්ඩ අස්ථානගත වීම ගැන CID පරීක්ෂණ

රුපියල් කෝටි 2 කට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් අස්ථානගත වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ගනුදෙනුකරුවෙකු ණයක් ලබා ගැනීම සඳහා බැංකුව වෙත උකස් කර තිබූ රන් භාණ්ඩ තොගයක් බේරා ගැනීම සඳහා ගිය අවස්ථාවේදී යි රන් භාණ්ඩ අඩංගු ඇසුරුම සේප්පුවේ නොමැති බවට දැන ගැනීමට ලැබී ඇත්තේ.

මේ පිළිබඳ අදාළ බැංකුවේ කළමනාකරු ප්‍රධාන කාර්‍යාලයට කරන ලද පැමිණිල්ලක් අනුව නිලධාරීන් පැමිණ සිදුකළ මූලික පරීක්ෂාවේ දී එම ගනුදෙනුකරු උකස් තබන ලබන රන් භාණ්ඩ තොගයට අමතරව තවත් ගනුදෙනුකරුවන් දොළොස් දෙනෙකුගේ රන් භාණ්ඩ ඇතුළත් ඇසුරුම් අස්ථානගත වී ඇති බවට හෙළිවී තිබෙනවා.

2022 වසරේ ජනවාරි සිට දෙසැම්බර් මාසය දක්වා ණය ලබාගැනීම සඳහා ගනුදෙනුකරුවන් බැංකුව වෙත උකස් තබන ලද රන් භාණ්ඩ එලෙස අස්ථානගත වී ඇති බවටයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.

අදාළ රන් භාණ්ඩ තොගය අස්ථානගත වීම සම්බන්ධයෙන් එම රාජ්‍ය බැංකුවේ මඩකලපු ප්‍රධාන කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකාරවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

ගනුදෙනුකරුවන් උකස් තබන ලද රන් භාණ්ඩ තොගය තැන්පත් කර තිබූ සේප්පුවේ යතුරු දෙකක් අදාළ බැංකුවේ නිලධාරීන් දෙදෙනෙකු භාරයේ තිබී ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන්.

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන්භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මඩකලපු බලා යාමට නියමිත බවටයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34