රාජ්‍ය බැංකුවකින් කෝටි දෙකකට අධික රන් භාණ්ඩ අස්ථානගත වීම ගැන CID පරීක්ෂණ

රුපියල් කෝටි 2 කට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් අස්ථානගත වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ගනුදෙනුකරුවෙකු ණයක් ලබා ගැනීම සඳහා බැංකුව වෙත උකස් කර තිබූ රන් භාණ්ඩ තොගයක් බේරා ගැනීම සඳහා ගිය අවස්ථාවේදී යි රන් භාණ්ඩ අඩංගු ඇසුරුම සේප්පුවේ නොමැති බවට දැන ගැනීමට ලැබී ඇත්තේ.

මේ පිළිබඳ අදාළ බැංකුවේ කළමනාකරු ප්‍රධාන කාර්‍යාලයට කරන ලද පැමිණිල්ලක් අනුව නිලධාරීන් පැමිණ සිදුකළ මූලික පරීක්ෂාවේ දී එම ගනුදෙනුකරු උකස් තබන ලබන රන් භාණ්ඩ තොගයට අමතරව තවත් ගනුදෙනුකරුවන් දොළොස් දෙනෙකුගේ රන් භාණ්ඩ ඇතුළත් ඇසුරුම් අස්ථානගත වී ඇති බවට හෙළිවී තිබෙනවා.

2022 වසරේ ජනවාරි සිට දෙසැම්බර් මාසය දක්වා ණය ලබාගැනීම සඳහා ගනුදෙනුකරුවන් බැංකුව වෙත උකස් තබන ලද රන් භාණ්ඩ එලෙස අස්ථානගත වී ඇති බවටයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.

අදාළ රන් භාණ්ඩ තොගය අස්ථානගත වීම සම්බන්ධයෙන් එම රාජ්‍ය බැංකුවේ මඩකලපු ප්‍රධාන කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකාරවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

ගනුදෙනුකරුවන් උකස් තබන ලද රන් භාණ්ඩ තොගය තැන්පත් කර තිබූ සේප්පුවේ යතුරු දෙකක් අදාළ බැංකුවේ නිලධාරීන් දෙදෙනෙකු භාරයේ තිබී ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන්.

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන්භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මඩකලපු බලා යාමට නියමිත බවටයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?