රාජ්‍ය ඇමති සේමසිංහගේ රිය හැප්පූ පුත්තලම ASPට ඇප

බීමතින් රිය ධාවන කර මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ නිල රථය අනතුරට ලක්කර බව කියන සහකාර පොලිස් අධිකාරීවරයා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපමත මුදාහැර තිබෙනවා.

ඒ, සැකකාර පොලිස් අධිකාරීවරයා පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ (15) දින ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 14 වනදා රාත්‍රියේ පුත්තලම කොට්ඨාසයේ රථ වාහන අංශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා පුත්තලම – හලාවත මාර්ගයේ පාලාවිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ තම පවුලේ අය සමඟ නිල රථයෙන් කොළඹ සිට අනුරාධපුරය දක්වා ගමන් කරමින් සිටි ඇති අතර, සහකාර පොලිස් අධිකාරීවරයා තමන්ට අයත් නිල රථයෙන් කොළඹ දෙස සිට පුත්තලම දෙසට ගමන් කරමින් සිටිය දී මෙම අනතුර සිදුව තිබෙනවා.

අධික ලෙස බීමතින් සිට ඇති සහකාර පොලිස් අධිකාරීවරයා අනතුරින් පසු කලහකාරී ලෙස හැසිරෙමින් රාජ්‍ය ඇමතිවරයාගේ ආරක්ෂක නිලධාරියා සහ රියදුරා සමඟ ආරවුලක් ඇති කර ගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

අනතුරුව පුත්තලම පොලීසය විසින් අත්අඩංගුවට ගැනුණු සහකාර පොලිස් අධිකාරීවරයා ඊයේ (15) පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස ඇප නියමකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?