AFC Banner
AFC Banner
Empty Ad

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත අවසන් ගමන් යයි (වීඩියෝ)

කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) පස්වරුවේ සිදු කෙරුණා.

විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම කටයුතු සිදු කෙරුණේ රාජකදළුව රෝමානු කතෝලික දේවස්ථාන සුසාන භූමියේ දීයි.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ දී අවමංගල උත්සවය පැවති අතර, ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශෝක ප්‍රකාශයක් ද යොමුකර තිබුණා.

එය අවමංගල සභාවට ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින්.

ඊට අමතරව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ද ශෝක ප්‍රකාශය අවමංගල සභාව වෙත යොමුකර තිබුණා.

සර්ව ආගමික වතාවත් සහ අවමංගල උත්සවයේ කටයුතු අවසන් වීමෙන් පසු දේහය සුසාන භූමිය වෙත රැගෙන යනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
13
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?