රාජ්‍ය ඇමති සනත් නිශාන්ත අවසන් ගමන් යයි (වීඩියෝ)

කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) පස්වරුවේ සිදු කෙරුණා.

විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම කටයුතු සිදු කෙරුණේ රාජකදළුව රෝමානු කතෝලික දේවස්ථාන සුසාන භූමියේ දීයි.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ දී අවමංගල උත්සවය පැවති අතර, ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශෝක ප්‍රකාශයක් ද යොමුකර තිබුණා.

එය අවමංගල සභාවට ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින්.

ඊට අමතරව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ද ශෝක ප්‍රකාශය අවමංගල සභාව වෙත යොමුකර තිබුණා.

සර්ව ආගමික වතාවත් සහ අවමංගල උත්සවයේ කටයුතු අවසන් වීමෙන් පසු දේහය සුසාන භූමිය වෙත රැගෙන යනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34