AFC Banner
AFC Banner
Empty Ad

රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරගේ නිවසට ප්‍රහාරයක්

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට අයත් කැළණිය, පමුණුවිල, සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි නිවසට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඊයේ (18) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි අප කළ විමසීමක දී ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ අමාත්‍යවරයා හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් අදාළ නිවසේ රැඳී සිට නැහැ.

මෙම සිද්ධිය සම්බන්ධයන් මාකොළ පොලිසිය වෙත පැමිණිල්ලක් ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

නිවස අවට සවිකර ඇති ආරක්ෂිත කැමරාවල දර්ශන උපයෝගීකර ගනිමින් මෙම පහරදීමට පැමිණි පිරිස් හඳුනාගැනීමට පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
23
+1
0
+1
1
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?