රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මුදල් රාජ්‍ය ඇමති පහදයි

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු පෞද්ගලීකරණය කිරීමක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ආයතනයෙන් ආයතනය විද්වත් කමිටුවක් මඟින් විශේෂ විශ්ලේෂනයකට භාජනය කොට රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මෙන්ම සේවකයන් වෙනුවෙන් අවශ්‍ය වෙනස් කම් සිදුකිරීම ප්‍රතිව්‍යුහගත කිරීම බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අද (03) උදෑසන රුවන්වැල්ලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

විවිධ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී විවිධ කොටස් ඇති බවත්, එය ආයතනයෙන් ආයතනයට විවිධාකාරයෙන් ක්‍රියාත්මක විය හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම රතිව්‍යුහගතකරණයට ලක් කෙරෙන ආයතන සියල්ලම පාහේ මූලික ප්‍රාග්ධන හා කාරක ප්‍රාග්ධන ඌනතාවයකින් පෙලෙන බවත්, එයට ශක්තිය ලබාදීම මෙහි එක් අරමුණක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

එමෙන්ම ලෝකයේ ඇති නවීන තාක්ෂණය පිළිබඳ ගැටළු, වඩාත් හොඳ කළමණාකරණයක් ලබාදීම, ඒ තුළින් නිෂ්පාදන වියදම අඩුකර ගැනීම ඇතුළු කරුණු රැසක් ඉටුකරගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?