රාජ්‍ය ආයතනවල අබලි ද්‍රව්‍ය බැහැර කිරීම අධීක්ෂණය හා ක්‍රියාත්මක කිරීමට කමිටුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ 2022 අතුරු අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය හා ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

මහා භාණ්ඩාගාරයේ, නියාමක ජනරාල් දෙපාර්තමේන්තුවේ නියාමක ජනරාල් රම්‍යා කාන්ති මෙහි සභාපතිත්වයට පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙන්නේ.

ඊට අමතරව මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහා භාණ්ඩාගාරයේ, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එස්.යූ. චන්ද්‍රකුමාරන් සහ මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.එස්.එන්. ජයසිංහ යන අය පත් කර තිබෙනවා.

අබලි ද්‍රව්‍ය නියමිත වේලාවට බැහැර නොකිරීම හේතුවෙන් රජයට සැලකිය යුතු ආදායමක් අහිමි වන බව හඳුනා ගෙන ඇති අතර, එවැනි ද්‍රව්‍ය හේතුවෙන් කාර්යාල පරිශ්‍රයන්හි මෙන්ම රාජ්‍ය ගොඩනැගිලිවල ඉඩකඩ ද අනවශ්‍ය ලෙස අවහිර වී ඇති බවයි හඳුනාගෙන ඇත්තේ.

ඒ හේතුවෙන් එම ද්‍රව්‍ය කඩිනමින් සහ විධිමත්ව බැහැර කළ යුතු බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, 2022 දෙසැම්බර් 05 වැනි දින හෝ ඊට පෙර පහත සඳහන් දෑ පිළිපදිමින් බැහැර කිරීමේ ක්‍රියා පටිපාටිය සම්පූර්ණ කිරීම කමිටුවට පැවරී තිබෙනවා.

සියලුම ආයතන වෙත චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම.
ආයතන (අමාත්‍යාශය/දෙපාර්තමේන්තු/ආයතනය) මගින් පවතින අබලි ද්‍රව්‍ය හඳුනා ගැනීම
ආයතන විසින් බැහැර කළ යුතු ද්‍රව්‍ය ලැයිස්තුවක් සකස් කිරීම
එක් එක් ආයතනය විසින් අදාළ තක්සේරු මණ්ඩලයක් පත් කිරීම
එක් එක් ආයතනයෙන් ඉවතලන ද්‍රව්‍යවලට අදාළ තක්සේරු ප්‍රමාණය ලැයිස්තු ලබා ගැනීම.
බැහැර කිරීමේ ක්‍රියා පටිපාටිය අධීක්ෂණය කිරීම
විකිණීමෙන් පසු ද්‍රව්‍ය ඉවත් කිරීම සහතික කිරීම
සියලුම ආයතනවල අබලි ද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධ ඒකාබද්ධ වාර්තාවක් සකස් කිරීම.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දිනුක පුතා කෝටි 200ක අයිස් සමඟ දික්ඕවිට වරායට..මේ තොගය රටට ආවානම් රටම ඉවරයිනේ
10:41
Video thumbnail
ජයතිස්ස ඉවත් කරලා අරගලේ පටන් ගන්නේ.."කොන්දොස්තරයෙක්ටවත් සුදුසු නැති ඇමතියෙක් මේ"
13:27
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට රතු එළි දල්වලා ත්‍රීවීල් එකෙන් යන්න යයි"අනුරගේ බෝට්ටුවේ ලොකු හිලක්.."
11:14
Video thumbnail
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි උණුසුම් තත්ත්වයක්.."මේකා දොස්තර කෙනෙක්ද කොන්දොස්තර කෙනෙක්ද"
11:14
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16


?