AFC Banner
AFC Banner
Empty Ad

රාජ්‍ය අමාත්‍ය ධුර ගන්න පොහොට්ටුව ඇතුළේ තරගයක්

හෙටින් ඇරඹෙන සතියේ දී ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි තොරතුරු වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යධූර ලබාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර තරගයක් නිර්මාණය වී ඇති බවයි.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරුන් කොපමණ සංඛ්‍යාවක් පත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

එම සංඛ්‍යාව බොහෝ දුරට විස්සකට හෝ විසිපහකට පමණ සීමා කෙරෙනු ඇතැයි වාර්තා වනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තවත් මන්ත්‍රීවරුන් හතර දෙනෙකු ආණ්ඩුවට සම්බන්ධ වීමට නියමිතවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔවුන් සිව්දෙනාට රාජ්‍ය ඇමති ධුර හිමිවීමේ වැඩි ඉඩක් ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?