රාජ්‍ය අමාත්‍ය ධුර ගන්න පොහොට්ටුව ඇතුළේ තරගයක්

හෙටින් ඇරඹෙන සතියේ දී ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි තොරතුරු වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යධූර ලබාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර තරගයක් නිර්මාණය වී ඇති බවයි.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරුන් කොපමණ සංඛ්‍යාවක් පත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

එම සංඛ්‍යාව බොහෝ දුරට විස්සකට හෝ විසිපහකට පමණ සීමා කෙරෙනු ඇතැයි වාර්තා වනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තවත් මන්ත්‍රීවරුන් හතර දෙනෙකු ආණ්ඩුවට සම්බන්ධ වීමට නියමිතවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔවුන් සිව්දෙනාට රාජ්‍ය ඇමති ධුර හිමිවීමේ වැඩි ඉඩක් ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15