රාජගිරියේ අනතුර ගැන පාඨලීගේ නඩුව ජුලි මස 25 තෙක් කල් දැමෙයි

රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම, එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල ඇතුළු තිදෙනාට එරෙහි නඩුව ජූලි 25 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද (30) නියම කළා.

2016 පෙබරවාරී මස 28 වැනිදා අනතුර සිදුවන අවස්ථාවේ දී ඩබ්ලිව්.පී. කේ.ටී. 7545 ජීප් රථයේ පැදවුයේ දිලුම් තුසිත කුමාර නමැත්තා බව හැඟවීමට බොරු සාක්කි සෑදීමට කුමන්ත්‍රණය කිරීම, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නීත්‍යනුකූල දඬුවමින් ආරක්‍ෂා කිරීම සඳහා සාක්කි අතුරුදන් කිරීමට කුමන්ත්‍රණය කිරීම යටතේ විත්තිකරුවන් තිදෙනාටම එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කරනු ලැබුවා.

එමෙන්ම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නීත්‍යනුකූල දඬුවමින් ආරක්‍ෂා කිරීම සඳහා වැරදි වාර්තාවක් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම යටතේ එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට එරෙහිව ද, අනතුර සිදුවන අවස්ථාවේ දී ඩබ්ලිව්.පී. කේ.ටී. 7545 ජීප් රථයේ පැදවුයේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බව දැන දැනම ඒ අවස්ථාවේ දී රථය පැදවුයේ තමා බවට මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සාවද්‍ය වරද කියාපෑමක් කළ බවට පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර නමැත්තාට එරෙහිව ද නීතිපතිවරයා විසින් වෙනම චෝදනා ගොනු කරනු ලැබ ඇති බවයි දසත අධිකරණ වාර්තාකරුවන් සඳහන් කළේ.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට, එවකට වැලිකඩ හිටපු පොලිස්ථානාධිපතිවරයාව සිටි දැනට සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට මෙන්ම පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නමැත්තන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 16 ක් යටතේ නඩු පවරා තිබෙනවා.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියා.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් නීතිපතිවරයා විසින් නඩුව ගොනු කර ඇති ආකාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමේ තීන්දුව මෙතෙක් ලැබී නොමැති හෙයින් නඩුව කල් තබන්නැයි ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලු විනිසුරුවරයා නඩුව ජූලි 25 වැනිදා තෙක් කල් තැබීමට නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?