රාජකීයේ සිසුන් ජනපති හමු වී සුහද පිළිසඳරක (ඡායාරූප)

කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමයේ සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සිසුන් ජනපති සමඟ පිළිසඳරක යෙදී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ අවට පවතින අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂී ස්ථාන නැරඹීමට අවස්ථාව උදාකර දී ඇති බවයි.

අද දින කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමය සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිසුන් 107 දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණි අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වී ඔහු සමඟ සිසුන් සුහද පිළිසඳරකට ද එක් වුණා.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය සහ රාජකීය විද්‍යාලය තුළින් බිහි වූ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයන් පිළිබඳ ව එහිදී ජනාධිපතිවරයා විසින් සිසුන් දැනුවත් කළා.

කොල්වින් ආර්. ද. සිල්වා සහ ජේ.ආර් ජයවර්ධන කොළඹ රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ සිසුන් බවට පත් ව සිටි බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට ප්‍රථම විධායක ජනාධිපති ධුරයට පත්වීම සුවිශේෂී සන්ධිස්ථානයක් බව ද කියා සිටියා.

වර්තමානයේ ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් බව ජනාධිපතිවරයා සිහිපත් කළ බවයි වාර්තා වන්නේ.

රටේ ඉදිරි දේශපාලන නායකත්වය මෙම දරුවන් බැවින් සියලුදෙනා අධිෂ්ඨානශීලි ව නිසි පරිදි සිය අධ්‍යාපන කටයුතුවල නිරතවීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිය සුබාශිංසන ද පිළිගැන්වූවා.

Royal College 1
Royal College 1 scaled
Royal College 2 scaled
Royal College 3 scaled
Royal College 4 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?