රාජකීයේ සිසුන් ජනපති හමු වී සුහද පිළිසඳරක (ඡායාරූප)

කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමයේ සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සිසුන් ජනපති සමඟ පිළිසඳරක යෙදී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ අවට පවතින අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂී ස්ථාන නැරඹීමට අවස්ථාව උදාකර දී ඇති බවයි.

අද දින කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමය සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිසුන් 107 දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණි අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වී ඔහු සමඟ සිසුන් සුහද පිළිසඳරකට ද එක් වුණා.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය සහ රාජකීය විද්‍යාලය තුළින් බිහි වූ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයන් පිළිබඳ ව එහිදී ජනාධිපතිවරයා විසින් සිසුන් දැනුවත් කළා.

කොල්වින් ආර්. ද. සිල්වා සහ ජේ.ආර් ජයවර්ධන කොළඹ රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ සිසුන් බවට පත් ව සිටි බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට ප්‍රථම විධායක ජනාධිපති ධුරයට පත්වීම සුවිශේෂී සන්ධිස්ථානයක් බව ද කියා සිටියා.

වර්තමානයේ ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් බව ජනාධිපතිවරයා සිහිපත් කළ බවයි වාර්තා වන්නේ.

රටේ ඉදිරි දේශපාලන නායකත්වය මෙම දරුවන් බැවින් සියලුදෙනා අධිෂ්ඨානශීලි ව නිසි පරිදි සිය අධ්‍යාපන කටයුතුවල නිරතවීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිය සුබාශිංසන ද පිළිගැන්වූවා.

Royal College 1
Royal College 1 scaled
Royal College 2 scaled
Royal College 3 scaled
Royal College 4 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56