රාජකාරී වේලාවෙන් පසුව සේවකයන්ගෙන් වැඩ ගත්තොත් ආයතනවලට දඩ

රාජකාරි වේලාවෙන් පසු ආයතන ප්‍රධානීන්ට සේවකයින් වෙත කෙටි පණිවිඩ සහ ඊ මේල් පණිවිඩ යැවීම තහනම් කරමින් පෘතුගාලය නව නීතියක් පනවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ‘විවේක ගැනීමේ අයිතිය’ ලෙස නම් කර ඇති එරට නව නීතිවල කොටසක් ලෙස මෙම තහනම පනවා ඇති බව ය.

නිවසේ සිට වැඩ කිරීම පුළුල් කිරීම සඳහා වෘත්තීය ජීවිතයේ සමතුලිතබව ඉහළ නැංවීමට පෘතුගාලය මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව, සේවකයින් 10 දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින ආයතන එම සේවකයින්ගේ ගිවිසුම්ගත වේලාවෙන් පිටත සම්බන්ධ කර ගන්නේ නම්, අදාළ ආයතනයට දඩයකට මුහුණ දීමට සිදු වනු ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දරුවන් සිටින සේවකයින්ට දූරස්ථව වැඩ කිරීම සඳහා ඉඩ දීම පිළිබඳව ද නව නීති පනවා ඇති බව ය.

එම නීති අනුව, තම දරුවාට වයස අවුරුදු අට වන තුරු තම සේවා යෝජකයන්ගෙන් පූර්ව අනුමැතිය ලබා නොගෙන දින නියමයක් නොමැතිව නිවසේ සිට වැඩ කිරීමට දෙමාපියන්ට අවසර ලබා දී තිබේ.

එමෙන් ම, නිවසේ සිට රාජකාරි කටයුතු කරන කාලයේදී සේවකයින්ගේ විදුලි බිල්පත් සහ ඉන්ටර්නෙට් බිල්පත් ගෙවීම සඳහා ද අදාළ ආයතන දායක විය යුතු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?