රාජකාරී වේලාවෙන් පසුව සේවකයන්ගෙන් වැඩ ගත්තොත් ආයතනවලට දඩ

රාජකාරි වේලාවෙන් පසු ආයතන ප්‍රධානීන්ට සේවකයින් වෙත කෙටි පණිවිඩ සහ ඊ මේල් පණිවිඩ යැවීම තහනම් කරමින් පෘතුගාලය නව නීතියක් පනවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ‘විවේක ගැනීමේ අයිතිය’ ලෙස නම් කර ඇති එරට නව නීතිවල කොටසක් ලෙස මෙම තහනම පනවා ඇති බව ය.

නිවසේ සිට වැඩ කිරීම පුළුල් කිරීම සඳහා වෘත්තීය ජීවිතයේ සමතුලිතබව ඉහළ නැංවීමට පෘතුගාලය මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව, සේවකයින් 10 දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින ආයතන එම සේවකයින්ගේ ගිවිසුම්ගත වේලාවෙන් පිටත සම්බන්ධ කර ගන්නේ නම්, අදාළ ආයතනයට දඩයකට මුහුණ දීමට සිදු වනු ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දරුවන් සිටින සේවකයින්ට දූරස්ථව වැඩ කිරීම සඳහා ඉඩ දීම පිළිබඳව ද නව නීති පනවා ඇති බව ය.

එම නීති අනුව, තම දරුවාට වයස අවුරුදු අට වන තුරු තම සේවා යෝජකයන්ගෙන් පූර්ව අනුමැතිය ලබා නොගෙන දින නියමයක් නොමැතිව නිවසේ සිට වැඩ කිරීමට දෙමාපියන්ට අවසර ලබා දී තිබේ.

එමෙන් ම, නිවසේ සිට රාජකාරි කටයුතු කරන කාලයේදී සේවකයින්ගේ විදුලි බිල්පත් සහ ඉන්ටර්නෙට් බිල්පත් ගෙවීම සඳහා ද අදාළ ආයතන දායක විය යුතු වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14