රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්ගේ ජීවිතය අකාලයේ අහිමිවෙයි

වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටීමෙන් රාත්‍රී මුර සංචාර රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙක් ඊයේ (09) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොල්ගහවෙල පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක්.

කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පුහුරිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කන්තලේ සිට කඩුවෙල ප්‍රදේශයට වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් මාර්ගය අසළ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරියා විසිවී ගොස් ඉදිරියෙන් නවතා තිබූ පොලිස් කැබ් රථයේ ගැටීමෙන් මෙම නතුර සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූ පොලිස් කොස්තාපල්වරයා පොල්ගහවෙල, ගිරාඹේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45ක අයෙක්.

අනතුර සම්බන්ධ ටිපර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
4
+1
25
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43