රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්ගේ ජීවිතය අකාලයේ අහිමිවෙයි

වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටීමෙන් රාත්‍රී මුර සංචාර රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙක් ඊයේ (09) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොල්ගහවෙල පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක්.

කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පුහුරිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කන්තලේ සිට කඩුවෙල ප්‍රදේශයට වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් මාර්ගය අසළ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරියා විසිවී ගොස් ඉදිරියෙන් නවතා තිබූ පොලිස් කැබ් රථයේ ගැටීමෙන් මෙම නතුර සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූ පොලිස් කොස්තාපල්වරයා පොල්ගහවෙල, ගිරාඹේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45ක අයෙක්.

අනතුර සම්බන්ධ ටිපර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
4
+1
25
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?