රාජකාරියට එමින් සිටි පොලිස් නිලධාරියා වන අලි ප්‍රහාරයෙන් මරුට

දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ අරලගංවිල මාර්ගයේ වලස්ගල ප්‍රදේශයේ දී වන අලියෙක් සිදුකළ පහරදීමකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම නිලධාරියා රාජකාරී සඳහා යතුරුපැදියකින් පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටිය දී අද (17) අලුයම් කාලයේ මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

වන අලි ප්‍රහාරයට ලක්ව මාරගයේ වැටී සිටි පොලිස් නිලධාරියා මාර්ගයේ ගමන් ගත් බස් රථයක් මඟින් දෙහිඅත්තකණ්ඩිය රෝහල වෙත ඇතුළත් කිරීමට රැගෙන එමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අරලගංවිල, වීරලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි වියේ පසු වූ පොලිස් නිලධාරියෙක්.

මෙම පොලිස් නිලධාරියා දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අයෙක් බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?