රාජකාරියට එමින් සිටි පොලිස් නිලධාරියා වන අලි ප්‍රහාරයෙන් මරුට

දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ අරලගංවිල මාර්ගයේ වලස්ගල ප්‍රදේශයේ දී වන අලියෙක් සිදුකළ පහරදීමකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම නිලධාරියා රාජකාරී සඳහා යතුරුපැදියකින් පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටිය දී අද (17) අලුයම් කාලයේ මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

වන අලි ප්‍රහාරයට ලක්ව මාරගයේ වැටී සිටි පොලිස් නිලධාරියා මාර්ගයේ ගමන් ගත් බස් රථයක් මඟින් දෙහිඅත්තකණ්ඩිය රෝහල වෙත ඇතුළත් කිරීමට රැගෙන එමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අරලගංවිල, වීරලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි වියේ පසු වූ පොලිස් නිලධාරියෙක්.

මෙම පොලිස් නිලධාරියා දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අයෙක් බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08