රාගම වෛද්‍ය සිසුන්ට පහරදුන් 06ක් රිමාන්ඩ්

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මේ අතර රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියට 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ සිටියා.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබු සරසවි සිසුන් තිදෙනෙක් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර එක් අයෙක් මීගමුව රෝහලට යැවූ බව ද පොලීසිය සඳහන් කර සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,

“රාගම සිද්ධියට පැමිණි පිරිසෙන් පුද්ගලයින් 6 දෙනෙකු මේ වනවිට හඳුනගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝටර් රථයේ රියදුරාවත් අත්අඩංගුවට ගත්තා. අද සවස රාගම පොලිස් ස්ථානයට පැමිණ තිදෙනෙක් භාරවෙලා තිබෙනවා.

තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන සැකකාර වෛද්‍ය සිසුවා හැර අනෙක් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරනවා. සිද්ධිය සිදුවෙන අවස්ථාවේ ඒ ආසන්නයේ සිටි සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ 10කට ආසන්න ප්‍රමාණයක් සටහන් කරගෙන තිබෙනවා.

සැකකරුවන්ට එරෙහිව පහරදීම, තුවාල සිදුකිරීම, අයුතු ඇතුල්වීම, නීතිවිරෝධී ඒකරාශිවීමක සාමාජිකයින්වීම, රාජ්‍ය ආයතනයකට අයත් වාහනයක් අයුතු ලෙස පරිහරණය කිරීම යන වැරදි යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනවා.

ඒ වාගේම සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි” ජේෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියා.

“රාගම රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සිසුන් තිදෙනාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගන්නවා. සිසුන් සතුව ඇති වීඩියෝ පොලීසිය භාරයට ගෙන පරීක්ෂණ කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ ඔයාලගේ උද්ඝෝෂණයට කවුරුත් නෑනේ ? - ආපු අය Missing..ශම්මි GO HOME විරෝධතාවයට අද ආවේ 4 ක්
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08
Video thumbnail
Kasthirama | "රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:21:25
Video thumbnail
දවස් ගානක් මහ පාන්දරම ඇවිත් ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට සොරදෙටුවා දෙන ෆුල් සුද්දය
01:10