රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවලට ඊයේ (04) රාත්‍රියේ පොලිසිය සහ හමුදාව එක්ව හදිසියේම සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව එම ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරමින් යුද හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය එක්ව සියලුම මාර්ගවල ගමන්ගන්නා රථවාහන සහ පුද්ගලයින් පරීක්ෂා කිරීම සිදුකළ බවයි වාර්තා වුණේ.
පෙරේදා (03) රාගම සහ කඳාන ප්‍රදේශවලින් වෙඩිතැබීමේ සිද්ධි වාර්තා වූ අතර, එහිදී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබුණා.
ඒ අනුව එම ප්‍රදේශවල හදිසි පරීක්ෂා කිරීම් ඇතුළු සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට මෙලෙස පියවර ගෙන තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.
මෙම මෙහෙයුමේ දී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන්, බීමත්ව රිය පැදවූ පුද්ගලයන් මෙන්ම විවිධ චෝදනා සම්බන්ධ සැකකරුවන් ඇතුළු 300ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.





