රාගම, කඳාන, වත්තල ප්‍රදේශවලට ඊයේ රෑ හදිසියේම හමුදාව සහ පොලිසිය කැඳවයි (වීඩියෝ)

රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවලට ඊයේ (04) රාත්‍රියේ පොලිසිය සහ හමුදාව එක්ව හදිසියේම සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරමින් යුද හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය එක්ව සියලුම මාර්ගවල ගමන්ගන්නා රථවාහන සහ පුද්ගලයින් පරීක්ෂා කිරීම සිදුකළ බවයි වාර්තා වුණේ.

පෙරේදා (03) රාගම සහ කඳාන ප්‍රදේශවලින් වෙඩිතැබීමේ සිද්ධි වාර්තා වූ අතර, එහිදී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබුණා.

ඒ අනුව එම ප්‍රදේශවල හදිසි පරීක්ෂා කිරීම් ඇතුළු සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට මෙලෙස පියවර ගෙන තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම මෙහෙයුමේ දී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන්, බීමත්ව රිය පැදවූ පුද්ගලයන් මෙන්ම විවිධ චෝදනා සම්බන්ධ සැකකරුවන් ඇතුළු 300ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21
Video thumbnail
නාමල්ව බලන්න යන්න අපිට අවශ්‍යතාවයක් නෑනේ
01:13
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57