රඹුක්කන සිදුවීමේ වාර්තාව අද මානව හිමිකම් කොමිසමට

රඹුක්කන වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයේ වාර්තාවක් අද දිනයේදී මානව හිමිකම් කොමිසම වෙත යොමු කිරීමට නියමිතයි.

එම කොමිසම සඳහන් කළේ, පොලිස්පතිවරයාට ද මේ බව දැනුම් දුන් බවයි.

මේ අතර මානව හිමිකම් ආරක්ෂා කරමින් විරෝධතාවලදී ක්‍රියාකළ යුතු ආකාරය ගැන පොලීසියට නව නිර්දේශ මාලාවක් ලබා දීමට ද මානව හිමිකම් කොමිසම තීරණය කර තිබෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ මානව හිමිකම් කොමිසමේ සභාපතිවරියගේ අධීක්ෂණය යටතේ ත්‍රිපුද්ගල කමිටුවක් අදාල නිර්දේශ සකස් කිරීම සඳහා පත් කර ඇති බවයි.

රඹුක්කන ජන විරෝධතාව අතරතුර පොලීසිය වෙඩි තැබීමෙන් පුද්ගලයකු මිය යාමේ සිදුවීම පිළිබඳව කරුණු විමසීම සඳහා පසුගියදා පොලිස්පතිවරයා කොමිසම හමුවට කැඳවූ අවස්ථාවේදි මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡාවට ලක් වූ බව මානව හිමිකම් කොමිසම සඳහන් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?