රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් හෙට (22) පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතයි
එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ රඹුක්කන ඇති වූ සිද්ධියට අදාළව කරුණු විමසීම සදහා ඔවුන් මෙලෙස කොමිසම හමුවට කැදවා ඇති බවයි.
ඒ අනුව පොලිස්පතිවරයාට අමතරව කෑගල්ල දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, නියෝජ්‍ය පොලිස්පතිවරයා, රඹුක්කන සහ කෑගල්ල පොලිස් ස්ථානාධිපතිවරුන් කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
31




