රඹුක්කන ගැටුම පොලිසියේ නිර්මාණයක් ද ? පොලිසිය අවම බලය යෙදවූයේ ජීව උණ්ඩයෙන් ද?

රඹුක්කන ප්‍රදේශයේ ඊයේ පැවති විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළ ආකාරය ගැන මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ පොලිසිය විසින් මෙම විරෝධතාකරුවන් විසුරුවා හැරීමේදී අවම බලය ඉක්මවමින් කටයුතු කළ බව පවසමින්.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ පොලිසිය විසින් නිරායුධ විරෝධතාකරුවන්ට පොලිසිය එලවා එලවා වෙඩි තබමින්, ඔවුන්ගේ යතුරුපැදි පෙරලා දමා හානිකර ඇති බවයි.

මෙම සිදුවීම වන අවස්ථාවේදී අවට සිටි සාමාන්‍ය වැසියන් විසින් සිය ජංගම දුරකථන උපයෝගී කර ගනිමින් සිදුකරන ලද පටිගත කිරීම් වලදී පොලිසියේ හැසිරීම සම්බන්ධයෙන් ඇතිවන්නේ ප්‍රශ්නාර්ථයක්.

ඉන්ධන මිල වැඩි කිරීම සහ ඉන්ධන නොලැබීම යන කරුණු වලට විරෝධය පළ කරමින් රඹුක්කන ජනතාව ඊයේ අලුයම් කාලයේ සිට ආරම්භ කරනු ලැබූ මෙම විරෝධතාවයේ කේන්ද්‍රවී තිබුනේ දුම්රිය හරස් මාර්ගයයි.

එම ස්ථානයේ නතර කර තිබු ඉන්ධන රැගත් බවුසරයක් ගිනි තැබීමට විරෝධතාකරුවන් ක්‍රියා කිරීමේදී එය වැළැක්වීම සඳහා පොලිසිය විසින් අවම බලය යෙදවූ බව පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියා.

කෙසේ වුවද, එම රඹුක්කන ප්‍රදේශයේ පිහිටි සමුපකාර ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන නිකුත් කරන පොම්පයට කිසියම් අයෙකු විසින් ගිනි තැබීමට උත්සාහ කර තිබු අතර එය නිවීමට මැදිහත් වුයේ විරෝධතාවයේ යෙදී සිටි සිවිල් වැසියන් බවයි සමාජ මාධ්‍යයේ හුවමාරුවන වීඩියෝ පටයක දැක්වෙන්නේ.

සිදුවීමේ තුවාල ලැබූ පුද්ගලයෙකු කියා සිටියේ ආරම්භයේ පටන් විරෝධතාකරුවන් සාමකාමී අරගලයක නිරතවූ බවත් එක්වරම පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවූ බවයි.

මේ අතර පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව උද්ඝෝෂකයින්ට එලවා එලවා පහර දෙන අයුරු දක්නට ලැබෙන වීඩියෝ කිහිපයක්ම මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතී.

විරෝධතාවය අතර වාරයේදී ත්‍රිරෝද රථයක් ගිනි තබා තිබු අතර, එය සිදුකලේ පොලිසියේ පුද්ගලයෙකු බවයි එම සිදුවීම වීඩියෝ කරමින් සිටින අයෙකු සඳහන් කර සිටින්නේ.

ජීව උණ්ඩ යොදා ගනිමින් වෙඩි තැබීමට පොලිසියට අණ දුන්නේ කවුද යන්න විමසා බැලීය යුතුව ඇත. මන්ද, කළහාකාරී හැසිරීමක් පාලනය කිරීමේදී පොලිසියට කඳුළු ගෑස්, අධි පීඩන ජල ප්‍රහාරයන් මෙන්ම රබර් උණ්ඩ යොදා ගනිමින් පිරිස් පාලනය කිරීමට හැකියාව තිබියදී අවම බලය කියමින් උපරිම බලය යෙදවීමට පොලිසිය ක්‍රියා කර ඇති නිසාය.

නිරායුද සිවිල් වැසියන් ඉලක්ක කරමින් මෙවැනි මර්ධනකාරි වැඩපිළිවෙලක නියැලීම පොලිසියේ හිතාමතාම සිදුකරනු ලැබුවක් ද කියා විමසා බැලීම ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පත්කරනු ලබන කමිටුව කටයුතු කළ යුතුව ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25