spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රඹුක්කන ගැටුමේදී අවසන් හුස්ම හෙලු චමින්දගේ දේහය ගෙදරට

චමින්ද ලක්ෂාන් මහතාගේ මරණය ඝාතනයක් බවත් සාපරාධී අපරාධයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන්ගේ නිවසේ අවශ්‍යතාවයන් වෙනුවෙන් තෙල් ලබා ගැනීමට පැමිණි චමින්ද මහතාව සාහසික ලෙස ඝාතනය කළ සියලු දෙනා නීතිය හමුවට පමුණුවා දැඩි දඩුවම් පැමිණිය යුතු බවද ඒ මහතා පැවසීය.

ආණ්ඩුවේ සිය මර්ධනකාරී ක්‍රියාපිළිවෙත හේතුකොටගෙන රඹුක්කන විරෝධතාවේදී පොලිස් වෙඩි පහරවැදී මියගිය දෙදරු පියෙක් වූ කරඳගස්තැන්න නාරම්බැන්ද පදිංචිව සිටි චමින්ද ලක්ෂාන් මහතාගේ නිවසට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) ඒ මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීය. 

තම ස්වාමියාගේ අභාවයෙන් කම්පනයට පත්ව සිටින චමින්ද ලක්ෂාන් මහතාගේ දයාබර බිරිඳ සහ ඒ මහතාගේ දෙ දරුවන් සමග ශෝකය බෙදා ගත් විපක්ෂ නායකතුමා එම ඝාතනය සම්බන්ධ නිසි පරීක්ෂණයක් සිදුකිරීම උදෙසා පාලකයින්ව යොමු කිරීමට ගත හැකි සෑම ක්‍රියා ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවට සහතික විය.

පවුලේ  අත්‍යවශ්‍ය ඉදිරි කටයුතු වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළ විපක්ෂ නායකතුමා, ඕනෑම මොහොතක සමගි ජන බලවේගය හැටියටත්, විපක්ෂ නායකවරයා ලෙසත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවටද සහතික විය.

https://youtu.be/yKY-imCKUtY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?