රනිල් වික්‍රමසිංහ ඇප මුදල් තැන්පත් කරයි – ඇප මුදල ගැන කොමිසමෙන් දැනුම්දීමක් (වීඩියෝ)

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ දී පිළිගත් පොදු දේශපාලන පක්ෂයකින් යම් කිසිවෙකු තරග වදින්නේ නම් ඔහුගේ හෝ ඇයගේ ඇප මුදල් ගාස්තුව රුපියල් 50,000ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ වනවිට (26) මැතිවරණ කොමිෂන් සභාවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ආර්. එම්. ඒ රත්නායක මහතා සඳහන් කළේ; වෙනත් දේශපාලන පක්ෂයකින් හෝ ඡන්ද දායකයෙකු විසින් ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලන්නේ නම්; එම ඇප මුදල් ප්‍රමාණය රුපියල් 75,000ක් වන බවයි.

ඒ අනුව අද දිනයේ සිට එළඹෙන අගෝස්තු මස 15 වැනි දින තෙක් ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගනු ඇති.

එය අගෝස්තු මස 15 වැනි දින දහවල් 12යින් අවසන් වීමට ද නියමිත ව තිබෙනවා.

මේ අතර මෙවර ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කළ පළමු ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවට පත් ව තිබෙනවා.

ඒ අද පෙරවරුවේ ම තමන්ට නියමිත ඇප මුදල් ප්‍රමාණය මැතිවරණ කාර්‍යාලයේ මුදල් අංශයේ තැන්පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම නිසාවෙන්.

ඒ අනුව සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තරග කරනු ඇති.

ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා ඇතුළු නීතීඥ පිරිසක් විසිනුයි වත්මන් ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
6
+1
8
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25