Empty Ad
AFC Banner
Empty Ad

රනිල් වික්‍රමසිංහ ඇප මුදල් තැන්පත් කරයි – ඇප මුදල ගැන කොමිසමෙන් දැනුම්දීමක් (වීඩියෝ)

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ දී පිළිගත් පොදු දේශපාලන පක්ෂයකින් යම් කිසිවෙකු තරග වදින්නේ නම් ඔහුගේ හෝ ඇයගේ ඇප මුදල් ගාස්තුව රුපියල් 50,000ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ වනවිට (26) මැතිවරණ කොමිෂන් සභාවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ආර්. එම්. ඒ රත්නායක මහතා සඳහන් කළේ; වෙනත් දේශපාලන පක්ෂයකින් හෝ ඡන්ද දායකයෙකු විසින් ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලන්නේ නම්; එම ඇප මුදල් ප්‍රමාණය රුපියල් 75,000ක් වන බවයි.

ඒ අනුව අද දිනයේ සිට එළඹෙන අගෝස්තු මස 15 වැනි දින තෙක් ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගනු ඇති.

එය අගෝස්තු මස 15 වැනි දින දහවල් 12යින් අවසන් වීමට ද නියමිත ව තිබෙනවා.

මේ අතර මෙවර ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කළ පළමු ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවට පත් ව තිබෙනවා.

ඒ අද පෙරවරුවේ ම තමන්ට නියමිත ඇප මුදල් ප්‍රමාණය මැතිවරණ කාර්‍යාලයේ මුදල් අංශයේ තැන්පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම නිසාවෙන්.

ඒ අනුව සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තරග කරනු ඇති.

ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා ඇතුළු නීතීඥ පිරිසක් විසිනුයි වත්මන් ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
6
+1
8
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>