රනිල් ජනපති ධූරයේ ඉන්නකම් රනිල්ට එරෙහිව පාස්කු වන්දි නඩුව බහා තැබීමට නියෝග

රනිල්ට එරෙහිව පාස්කු වන්දි නඩු ජනපති ධූරය හොබවන කාලසීමාවට පමණක් බහා තැබීමට නියෝග.මෛත්‍රීපාලට එරෙහි නඩු බහා තැබීමට කළ ඉල්ලීම ඉවතට

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකර වල 2 වන විත්තිකරු ලෙස නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 35(1) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ජනාධිපති මුක්තිය හිමිවීම හේතුවෙන් ඒ මහතාට එරෙහි නඩු ඔහු ජනාධිපති ධූරය දරණ කාලසීමාවට පමණක් බහා තබන ලෙසට මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා විසින් අද දින (15) නියෝග කරන ලදී.

කෙසේ වෙතත් එම නඩුකර වල සියලු විත්තිකරුවන්ට එරෙහි නඩු බහා තබන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් විසින් කරන ලද ඉල්ලීම මීගමුව අතිරේක දිසා විනිසුරු විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා හැර අනෙකුත් සියලුම විත්තිකරුවන්ට එරෙහිව එම නඩු පවත්වාගෙන යාමට අතිරේක දිසා විනිසුරු නියෝග කරන ලදී.

කටුවාපිටිය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකර 182 ක් අතරින් නඩු 33ක් පසුගිය ඔක්තෝබර් මස 31 වන දින කැඳවූ අවස්ථාවේදී, මෙම නඩුකර වල 02 වන විත්තිකරු ලෙස නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 35(1) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති මුක්තිය හිමිවීම හේතුවෙන් සහ විශේෂයෙන් ම එම ප්‍රතිපාදන අර්ථනිරූපනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් පසුගිය සැප්තැම්බර් 26 වන දින ප්‍රකාශ කරන ලද තීරණය ප්‍රකාරව එම නඩුකර ජනාධිපති ‍රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බැවින් ඔහුට එරෙහි එම නඩු බහා තබන ලෙසයි.

එම අවස්ථාවේ දී මෙම නඩුකර වල 01, 02 සහ 03 විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට සැල කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව බහා තබන්නේ නම් මෛත්‍රීපාල සිරිසේන ඇතුලු සියලු විත්තිකරුවන්ට එරෙහි නඩු බහා තැබිය යුතු බවයි.

පැමිණිලිකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ ඡ්‍යෙෂ්ඨ නීතීඥ වරුණ සේනාධීර මහතා ප්‍රකාශ කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නඩු බහා තැබීමට කරනු ලබන ඉල්ලීම හබ නොකරන නමුත් අනෙක් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු පවරා පවත්වාගෙන යෑමට කිසිදු නෛතික බාධාවක් නොමැති බැවින් 01, 02 සහ 03 වන විත්තිකරුවන්ගේ නීතීඥවරුන් විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසයි.

ඒ අනුව මෙම කරුණට අදාල විමසීම ලිඛිත දේශන මගින් සිදුකිරීමට නියෝග කළ මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා අද දින එයට නියෝගය නිකුත් කරන ලදී.

මෙම නඩුකර සඳහා පැමිණිලිකරුවන් වෙනුවෙන් දිලුම් ප්‍රනාන්දු, කෞශල්‍යා ප්‍රනාන්දු, නදීෂා පෙරේරා සහ ඈන් සෙනෙවිරත්න යන නීතීඥ මහත්ම මහත්මීන් ගේ උපදෙස් මත නීතීඥ රුක්ෂාන්ත ද අල්මේදා, නීතීඥ ඉර්ෆාන් බාචා, නීතීඥ ඉන්දික බණඩාර අබේකෝන් සමගින් ජ්‍යෙෂ්ඨ නීතීඥ වරුණ සේනාධීර මහතා පෙනී සිටි අතර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් උදානි කරුණාරත්න මහත්මියගේ උපදෙස් මත ට්‍රෙවෝ ප්‍රනාන්දු, තුන සහ හතර විත්තිකරුවන් වෙනුවෙන් ලක්ශිකා බක්මීවැව සහ පහ සහ හය විත්තිකරුවන් වෙනුවෙන් ධම්මික සිල්වා යන නීතීඥ මහත්ම මහත්මීන් පෙනී සිටින ලදී



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33