රනිල්ට එරෙහි නඩුවකින් විනිසුරුවරියක් හදිසියේ ම ඉවත් වෙයි

පසුගිය පාලන සමයේ පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා විනිසුරුවරු පත් නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (10) ඉවත්වන බව දැනුම් දුන්නා.

පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූවා.

ඒ අවස්ථාවේ විනිසුරුවරිය විසින් තමන් පෙත්සම විභාග කටයුත්තෙන් ඉවත් වන බව දැනුම් දුන්නා.

ඒ අනුව පෙත්සම වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවේ මාර්තු 9 වැනිදා කැඳවන බව විනිසුරු මඬුල්ල පවසා සිටියා.

පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණයේ විනිසුරු ධුර සඳහා විනිසුරුවරු පත්නොකිරීම තුළින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු කිහිපයක් පිරවීමට අපොහොසත් වීම හේතුවෙන් යුක්තිය පසිඳලීම සඳහා විනිසුරුවරුන්ගේ හිඟයක් ඇති වී ඇති තිබෙන බව ද පෙත්සමෙන් අවධාරණය කර තිබෙනවා.

ඒ තුළින් ජනතාවගේ අධිකරණ බලය දැඩි ලෙස හෑල්ලූවට ලක් කර ඇති අතර යුක්තිය ප්‍රවේශ වීමට මහජනතාවගේ අයිතියට අවහිර කර ඇති බව ද පෙත්සම්කරු පවසනවා.

පෙත්සම්කරු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2B(අ) ව්‍යවස්ථාවේ ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය ආරක්ෂා කිරීමේ බලය ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙකුගේම යුතුකම බවයි.

පෙත්සමේ වගඋත්කරුවන් ලෙස නීතිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා සිල්වා මහත්මිය පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?