Empty Ad
AFC Banner
Empty Ad

රන් පදක්කම් දිනූ ජූඩෝ වීරයෝ දිවයිනට (ඡායාරූප)

තායිලන්ත‍යේ පැවති අන්තර්ජාතික ජූඩෝ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කමක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනා ගත් මෙරට ජූඩෝ කණ්ඩායම ඊයේ (24) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ආර්.සී.එන්.ධර්මවර්ධන ක්‍රීඩකයා කිලෝග්‍රෑම් 73 බර පංතිය යටතේ තරග කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙක්.

මෙම තරගාවලිය තායිලන්තයේ දී සැප්තැම්බර් මස 21 -23 යන දිනවල පැවැත්වුණේ ලෝකයේ රටවල් 15කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන්.

පදක්කම් දිනූ ශ්‍රී ලාංකික ජූඩෝ ක්‍රීඩකයින් පිරිස රාත්‍රී 10.10 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් මෙරටට ළඟා වුණා.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් සහ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

20240924 231826 scaled
20240924 231427 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?