රිය අනතුරක සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක රන්වලට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවූ මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙර ඇප මත මුදා හැරීමට අද (16) නියෝග කළා.
මෙම සිද්ධියට අදාළව නීතිඥ පසන් ගුණරත්න සහ ප්‍රේමසිරි පෙරේරා විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් මගින් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (16) අධිකරණයට භාරවීමෙන් පසු මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
හෙයියන්තුඩුව, දෙනිමුල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට කුත් 13 වනදා වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
ඒ ඔහු එදින අධිකරණය හමුවේ කැඳවූ නඩුවට ඉදිරිපත් වීම හේතුවෙන්.
එදින සපුගස්කන්ද පොලිසියේ රථවාහන අංශය විසින් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව ගොනු කළ චෝදනා පත්‍රය මන්ත්‍රීවරයා ඉදිරියේ අද (16) කියවනු ලැබූ අතර, එම චෝදනාවලට ඔහු නිවැරදිකරු බවට සඳහන් කළා.
රිය අනතුරක් වළක්වා නොගැනීම, අපරීක්ෂාකාරීව රිය ධාවනය කිරීම, බරපතල තුවාල සිදුකිරීම, සුළු තුවාල සිදුකිරීම සහ ධාවනයට නුසුදුසු වාහනයක් ධාවනය කර බරපතල තුවාල සිදුකිරීම යන චෝදනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව ගොනු කර තිබූ චෝදනායි.
එහි වැඩිදුර විභාගය එළඹෙන ජුලි මස 10 වන දිනට කල් තැබුණා.













