AFC Banner
AFC Banner
Empty Ad

රන්ජන් රෝහලෙන් යළි බන්ධනාගාරයට

දණහිසේ ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රතිකාරවලින් පසු අගුනකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.

රන්ජන් රාමනායක මහතාට දණහිසේ ඇති වූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.

මේ වන විට ඔහුගේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව අතට හැරී ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය . ඒ අනුව ඔහු නැවතත් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගිය බව ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?