දණහිසේ ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රතිකාරවලින් පසු අගුනකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
රන්ජන් රාමනායක මහතාට දණහිසේ ඇති වූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.
මේ වන විට ඔහුගේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව අතට හැරී ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය . ඒ අනුව ඔහු නැවතත් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගිය බව ඔහු පැවසීය.














ඔය දන හිසෙ රෝගාබාද ඇති වන්නෙ බැක් සයිඩ් කරනා අයට , දන ගහන් කරන නිසා, සිර ගෙදර සිටියාම ඔය රෝගය බොහෝ දුරට සමනය වෙන්න ඉඩ තියෙනවා; රන්ජන් ඔබට බැක් සයිඩ් දෙවියන්ගෙ පිහිටයි