රන්ජන්ට ස්ථිරවම නිදහස ලැබෙන දිනය මෙන්න

දැනට බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එළැඹෙන වසරේ මැයි මාසය වන විට නිදහස ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි. හිටපු මන්ත්‍රීවරයාගේ කල්ක්‍රියාව මත සහ ඉදිරියේ බෝනස් ලැබීම නිසා ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි මාසය වන විට කොහොමත් නිදහස ලැබෙන බවද හෙතෙම පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ අදහස් පල කරන ලදී.

“මම ඊයේ ගියා රන්ජන් රාමනායක මැතිතුමාව බලන්න. එතකොට රන්ජන් රාමනායක මැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ එතුමාව බේර ගන්න එතුමට නිදහස ලබ ගන්න කවුරුවත් ආණ්ඩුවට එකතු වෙන්න ඕන නෑ කියන එක. ඒ වෙනුවෙන් එතුමව බිල්ලට දෙන්න ඕන නෑ කියලා තමයි එතුමා පැහැදිලව කියන්නේ. රන්ජන් රාමනායක මැතිතුමට ලබන අවුරුද්දේ මැයි මාසයේ කොහොමත් නිදහස ලැබෙන්න ඕන.එතුමාගේ කල් ක්‍රියාව හොඳ වීම, බෝනස් ලැබීම නිසා ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වෙනකොට එතුමා කොහොමත් නිදහස ලබනවා.මම දැක්කා වික්‍රමසිංහ මහත්තයා කියලා තියෙනවා කොමිටියක් පත්කරනවා කියලා. මොන කොමිටිද? දුමින්ද සිල්වාට නිදහස ලැබුණේ කොමිටියකින්ද? රෝයල් පාක් එක්කෙනා නිදහස් කරන්න කොමිටි පත්කළාද?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?