AFC Banner
Empty Ad
Empty Ad

රන්ජන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධූරය සම්බන්ද නියෝගය ලබන 19 වනදා තෙක් කල් යයි

සිර දඩුවම් නියම වී සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධූරය අහිමි කිරීම සඳහා කිසිඳු පියවරක් නොගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය දී ඇති නියෝගය ලබන 19 වනදා තෙක් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

රන්ජන් රාමනායක මහතා ගොණුකර ඇති රිට් පෙත්සම අද යළි කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන ඔබේසේකර මහතා සහ මායාදුන්නේ කොරයා මහතාගෙන් යුත් විනිසුරු මඩුල්ල නියෝගය නිකුත් කලා.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයාගේ පාර්ශවය අභියාචනාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ රන්ජන් රාමනායක මහතා කර ඇති ඉල්ලීම කිසිඳු නීත්‍යානුකූල පදනමක් නොමැති ඉල්ලීමක් බවයි.

ඒ අනුව පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දීමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලෙසයි ඉල්ලා ඇත්තේ.

කෙසේ වෙතත් රන්ජන් රාමනායක මහතාගේ පාර්ශවය අධීකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කලේ මන්ත්‍රීවරයාගේ සිර දඩුවම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වන බැවින් එය අපරාධමය වරදක් නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?