රන්ජන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධූරය සම්බන්ද නියෝගය ලබන 19 වනදා තෙක් කල් යයි

සිර දඩුවම් නියම වී සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධූරය අහිමි කිරීම සඳහා කිසිඳු පියවරක් නොගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය දී ඇති නියෝගය ලබන 19 වනදා තෙක් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

රන්ජන් රාමනායක මහතා ගොණුකර ඇති රිට් පෙත්සම අද යළි කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන ඔබේසේකර මහතා සහ මායාදුන්නේ කොරයා මහතාගෙන් යුත් විනිසුරු මඩුල්ල නියෝගය නිකුත් කලා.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයාගේ පාර්ශවය අභියාචනාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ රන්ජන් රාමනායක මහතා කර ඇති ඉල්ලීම කිසිඳු නීත්‍යානුකූල පදනමක් නොමැති ඉල්ලීමක් බවයි.

ඒ අනුව පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දීමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලෙසයි ඉල්ලා ඇත්තේ.

කෙසේ වෙතත් රන්ජන් රාමනායක මහතාගේ පාර්ශවය අධීකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කලේ මන්ත්‍රීවරයාගේ සිර දඩුවම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වන බැවින් එය අපරාධමය වරදක් නොවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40