රතු වරෙන්තුවෙන් ඇල්ලූ කොලොන්නාවේ චන්දන 24 වැනිදා තෙක් රිමාන්ඩ්

ඝාතන සිද්ධීන් රැසක් සිදුකර මෙරටින් පලා ගොස් ඩුබායි රටේ සැඟව සිටියදී අධිකරණය මගින් නිකුත් කර තිබූ රතු වරෙන්තුවක් මත අත්අඩංගුවට ගෙන පසුගියදා මෙරටට රැගෙන එනු ලැබූ සැකකරුවන් තිදෙනා අතර සිටි ප්‍රදීප් සඳරුවන් නොහොත් “කොලොන්නාවේ චන්දන” නමැත්තා මෙම මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (10) නියෝග කළා.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාස මගින් අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා දින කිහිපයක් එම අපරාධ කොට්ඨාසය හමුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කර අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.

වැල්ලම්පිටිය පොලිස් වසමට අයත් උමගිලිය ක්‍රීඩාංගණය අසල දී 2023 දෙසැම්බර් මස 23 දින හෝ ඊට ආසන්න දිනකදී පුද්ගලයෙකුට ගිනිඅවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කරීම හා සාපරාධී
බියගැන්වීමේ යන චෝදනා යටතේ බස්නාහිර දකුණා අපරාධ කොට්ඨාසය මගින් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා.

එම වෙඩි තැබීමේ සිද්ධිය සඳහා සැකකාර පුද්ගලයා භාවිතා කළ බවට හඳුනාගත් ගිනිඅවිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීම සඳහා එම අවිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නා.

සැකකාර පුද්ගලයා එම සිද්ධියෙන් අනතුරුව රහසිගතව ඩුබායි රාජ්‍ය වෙත පලා ගොස් සැඟව සිට ඇති බවත් අධිකරණය මගින් ලබා ගත් රතු වරෙන්තුවක් මත ඔහුව අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන පැමිණි බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරිහු අධිකරණය හමුවේ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51
Video thumbnail
පදක්කමේ ලොක්කෙක් එක්ක ගැන්සි පිටින් බැහැලා පුද්ගලයෙක්ට තගදාලා..ප#රකෑ පුද්ගලයා සියල්ල හෙළිකරයි
01:26
Video thumbnail
බුත්තලදී සිදුවූ බිහිසුණු රිය අනතුර..බයික් එකක් ටිපර් එක ය# - පාරත් කඩාගෙන ගිහින්
01:03
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
00:00


?