රතු වරෙන්තුවෙන් ඇල්ලූ කොලොන්නාවේ චන්දන 24 වැනිදා තෙක් රිමාන්ඩ්

ඝාතන සිද්ධීන් රැසක් සිදුකර මෙරටින් පලා ගොස් ඩුබායි රටේ සැඟව සිටියදී අධිකරණය මගින් නිකුත් කර තිබූ රතු වරෙන්තුවක් මත අත්අඩංගුවට ගෙන පසුගියදා මෙරටට රැගෙන එනු ලැබූ සැකකරුවන් තිදෙනා අතර සිටි ප්‍රදීප් සඳරුවන් නොහොත් “කොලොන්නාවේ චන්දන” නමැත්තා මෙම මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (10) නියෝග කළා.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාස මගින් අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා දින කිහිපයක් එම අපරාධ කොට්ඨාසය හමුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කර අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.

වැල්ලම්පිටිය පොලිස් වසමට අයත් උමගිලිය ක්‍රීඩාංගණය අසල දී 2023 දෙසැම්බර් මස 23 දින හෝ ඊට ආසන්න දිනකදී පුද්ගලයෙකුට ගිනිඅවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කරීම හා සාපරාධී
බියගැන්වීමේ යන චෝදනා යටතේ බස්නාහිර දකුණා අපරාධ කොට්ඨාසය මගින් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා.

එම වෙඩි තැබීමේ සිද්ධිය සඳහා සැකකාර පුද්ගලයා භාවිතා කළ බවට හඳුනාගත් ගිනිඅවිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීම සඳහා එම අවිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නා.

සැකකාර පුද්ගලයා එම සිද්ධියෙන් අනතුරුව රහසිගතව ඩුබායි රාජ්‍ය වෙත පලා ගොස් සැඟව සිට ඇති බවත් අධිකරණය මගින් ලබා ගත් රතු වරෙන්තුවක් මත ඔහුව අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන පැමිණි බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරිහු අධිකරණය හමුවේ පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31