logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

රත්‍රං ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

රත්‍රං ජාවාරම වැළැක්වීම වෙනුවෙන් කැරට් 22ට වැඩි රත්‍රං ආභරණ ලෙස මෙරටට ගෙන ඒම සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ රන් ජාවාරම වැළැක්වීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පියවර ගෙන ඇති බවයි.

රන් භාණ්ඩ පැළඳ පැමිණෙන මුවාවෙන් රත්‍රන් ජාවාරමේ නිරතවූ අවස්ථා රැසක් පිළිබඳ පසුගිය සමය පුරා වාර්තා වුණා.

රන් භාණ්ඩ රැගෙන ඒමට සීමා පනවා නොමැති වීම හේතුවෙන් ඇතැම් ජාවාරම්කරුවන් දෛනිකව මෙම ජාවාරම්වල නිරතවන බවටයි අනාවරණ වී ඇත්තේ.

ජාවාරම්කරුවන් දෛනිකව රත්‍රන් කිලෝ 50ක පමණ ප්‍රමාණයක් මෙරටට රැගෙන එන බවට හෙළිවී ඇති අතර මේ හේතුවෙන් රටට මාසිකව ඩොලර් මිලියන 30ක පමණ ප්‍රමාණයක් අහිමි වන බව ද එහිදී අනාවරණ වී තිබෙනවා.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණු අතර ඊට අනුව කැරට් 22ට වඩා වැඩි රන් භාණ්ඩ රැගෙන ඒම සඳහා විශේෂ අවසරයක් ලබාගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?