රත්‍රං ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

රත්‍රං ජාවාරම වැළැක්වීම වෙනුවෙන් කැරට් 22ට වැඩි රත්‍රං ආභරණ ලෙස මෙරටට ගෙන ඒම සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ රන් ජාවාරම වැළැක්වීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පියවර ගෙන ඇති බවයි.

රන් භාණ්ඩ පැළඳ පැමිණෙන මුවාවෙන් රත්‍රන් ජාවාරමේ නිරතවූ අවස්ථා රැසක් පිළිබඳ පසුගිය සමය පුරා වාර්තා වුණා.

රන් භාණ්ඩ රැගෙන ඒමට සීමා පනවා නොමැති වීම හේතුවෙන් ඇතැම් ජාවාරම්කරුවන් දෛනිකව මෙම ජාවාරම්වල නිරතවන බවටයි අනාවරණ වී ඇත්තේ.

ජාවාරම්කරුවන් දෛනිකව රත්‍රන් කිලෝ 50ක පමණ ප්‍රමාණයක් මෙරටට රැගෙන එන බවට හෙළිවී ඇති අතර මේ හේතුවෙන් රටට මාසිකව ඩොලර් මිලියන 30ක පමණ ප්‍රමාණයක් අහිමි වන බව ද එහිදී අනාවරණ වී තිබෙනවා.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණු අතර ඊට අනුව කැරට් 22ට වඩා වැඩි රන් භාණ්ඩ රැගෙන ඒම සඳහා විශේෂ අවසරයක් ලබාගත යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14