රත්‍රං කුඩු පාර්සලයක් ගුවන් යානයේ වැසිකිළියේ

රත්‍රං කුඩු ඇතුලත් පාර්සලයක් කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් යානයක් තුළ වැසිකිළියේ තිබී සොයාගෙන තිබෙනවා.

ඉන්දීය ගුවන් සේවයේ AI- 272 දරන ගුවන් යානය අද දින පස්වරු 01.35ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට ධාවන පථය වෙත ගමන් ආරම්භ කර තිබුණා.

එහෙත් එම ගුවන් යානයේ පසුපස වැසිකිළිය තුළ අයිතිකරුවෙකු නොමැති කළු පැහැති පාර්සලයක් ඇති බව එහි ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් සිය අවසන් පරීක්ෂණය තුළ දී සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම ගුවන් යානය ගුවන් ගත නොවී පස්වරු 01.40ට ධාවන පථයෙන් ආපසු හරවා ගෙන ගුවන් තොටුපොළ වෙත පැමිණීමටයි නියමුවන් පියවර ගෙන ඇත්තේ.

මෙම ගුවන් යානයේ සියලුම ගුවන් මගීන් පිටතට බස්වා, ගුවන් යානය හුදෙකලා ස්ථානයකට රැගෙන ගොස් බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් පරීක්ෂා කිරීමකට ලක් කර ඇති අතර එහිදී මෙම පාර්සලය බෝම්බයක් නොව රත්තරන් පාර්සලයක් බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

ඉන් අනතුරුව කිලෝ 2ක් බරැති රත්තරන් ක්‍රීම් වශයෙන් අඩංගු පාර්සලය ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී තිබෙනවා.

මෙම ඉන්දීය ගුවන් යානය අද පස්වරු 04.43ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58