රත්මලාන – බොරුපන පාලම අසල කාන්තා ඝාතනයක් – ඝාතකයාත් දැඩිසත්කාරයේ (ඡායාරූප)

රත්මලාන, බොරුපන පාලම අසල පිහිටි නිවසක් ඉදිරිපිට ඊයේ (23) රාත්‍රියේ කාන්තාවක් කපා කොටා ඝාතනය කළ පුවතක් වාර්තා වනවා.

ඊයේ (23) රාත්‍රියේ බොරලැස්ගමුව පොලිස් වසමේ කරදියාන පාලම අසලදී, යතුරුපැදියකින් පැමිණි පුද්ලයින් දෙදෙනෙකු විසින් කරදියාන පාලම දෙස සිට පිළියන්දල දෙසට තවත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට හා කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එහිදී තුවාල ලැබූ යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා පලාගොස් ඇති අතර ඔහු සමඟ ගමන් ගත් කාන්තාව රත්මලාන, බොරුපන පාලම අසල පිහිටි නිවසක් වෙත ගොස් එහි සැඟවී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව ප්‍රහාරය සඳහා පැමිණි දෙදෙනාගෙන් එක් අයෙක් කාන්තාව පසුපස ලුහුබැඳ පැමිණ ඇයට යළිත් වරක් තියුණු ආයුධයකින් පහර දී ඇති බව සඳහන්.

එහිදී ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පැන යාමට උත්සාහ කිරීමේ දී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පහරදී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

පසුව ප්‍රදේශවාසීන්ගේ පහර කෑමට ලක් වූ පුද්ගලයා සුවසැරිය ගිලන් රථයක් මඟින් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ කාන්තාව ද රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් රෝහල් ගත කරන විටත් අදාල කාන්තාව මියගොස් සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ප්‍රහාරය සඳහා පැමිණ ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයා මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, මියගිය කාන්තාව ඉරේෂා චතුරංගනී නැමැති ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

තියුණු ආයුධවලින් පහර දී කාන්තාව ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදුවීම සම්බන්ධ වැඩිදුර විමර්ශන ගල්කිස්ස හා බොරලැස්ගමුව පොලිස් ස්ථානය මගින් සිදුකරණු ලබනවා.

WhatsApp Image 2022 09 24 at 8.47.01 AM
WhatsApp Image 2022 09 24 at 8.47.00 AM 1
WhatsApp Image 2022 09 24 at 8.47.00 AM
WhatsApp Image 2022 09 24 at 8.46.59 AM 1
WhatsApp Image 2022 09 24 at 8.46.59 AM
WhatsApp Image 2022 09 24 at 8.46.58 AM 1
WhatsApp Image 2022 09 24 at 8.46.58 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?